26 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

කැනඩා යවන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව විසින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කර ඇති බවත් ඇය ද්විත්ව පුරවැසිභාවය සහිත කාන්තාවක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසිනුයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාරියගේ වංචාවට හසුවූ වත්තල, පානදුර කොළඹ හා මාතර ආදී ප්‍රදේශවල පුද්ගලයන් පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත සිදු කළ පැමිණිලි ඔස්සේ විමර්ශන ඇරඹූ පොලීසිය මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව කැනඩාවේ ගණකාධිකාරිවරියක් ලෙස සේවය කරන බවයි අනාවරණය වී ඇත්තේ.