27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැතුම්ට ක්‍රිකට් ආයතනයෙන් ලොකු තෑග්ගක්

පැතුම්ට ක්‍රිකට් ආයතනයෙන් ලොකු තෑග්ගක්

පැතුම් නිශ්ශංකට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බව වාර්තා වනවා.

ඔහු පසුගියදා එක්දින ජාත්‍යන්තර තරයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඉතිහාසයට එක්වුණා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය බලා සිටියදීම ශ්‍රී ලංකාවේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුගේ වාර්තාව ද බිඳ හෙළීමට පැතුම් නිශ්ශංක සමත් වුණා.

ඒ අනුව පෙරේදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභා රැස්වීමේදී පැතුම් නිශ්ශංකට දිරි දීමනාවක් ලෙස විශාල මුදල් ත්‍යාගයක් ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත වී තිබෙනවා.

එම තෑගි මුදල කොපමණද යන්න නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කිරීමේ අරමුණින් හා නැඟී එන ක්‍රීඩකයන්ට ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් මෙම දිරි දීමනා ප්‍රදානය සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.