මෙරට දරුවන් අතර පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේදී මන්දපෝෂණයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව අනාවරණය වී තිබෙනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු බර දරුවන් හා කෘෂභාවය වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ 2022 වර්ෂයට සාපේක්‍ෂව 2023 අවසන් වන විට දරුවන්ගේ උස අඩුවීම්, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රට පුරා දක්නට ලැබෙන බවයි.