29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජිව් ඝාතන නඩුවෙන් නිදහස් වූ ශාන්තන් මියයයි

රජිව් ඝාතන නඩුවෙන් නිදහස් වූ ශාන්තන් මියයයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදොස් කොට නිදහස් වූ යාපනයේ පදිංචි ශාන්තන් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අද (28) අලුයම අභාවප්‍රාප්ත විය.

ඔහු චෙන්නායිහි රජිව් ගාන්ධි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් දීර්ඝ සිර දඬුවම් විඳීමෙන් අනතුරුව නිදොස් කොට නිදහස් කෙරුණා.

ජනවාරි 24 වැනිදා ඔහුගේ තත්ත්වය නරක අතට හැරීමෙන් පසු ඔහු ඇතුළත් කර ඇති අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා චෙන්නායි හි රජිව් ගාන්ධි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසු වී තිබෙනවා.

කෝමා තත්ත්වයට පත් වූ ශාන්තන්ගේ තත්ත්වය බරපතළ බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශාන්තන් අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දීය රජය පසුගියදා අවසර ලබාදී තිබීමද විශේෂත්වයකි.