― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeVideoරට පුරාම විහිදී තිබෙන ප්‍රබලම සංවිධානයක සභාපතිනියක් සජිත් සමග එකතු වෙන්න තීන්දු...

රට පුරාම විහිදී තිබෙන ප්‍රබලම සංවිධානයක සභාපතිනියක් සජිත් සමග එකතු වෙන්න තීන්දු කරයි

සමගි ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටු 3ක විධායක සාමාජික ධුරයට දේවිකා කොඩිතුවක්කු මහත්මිය පත් කෙරේ.

සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මියව පත් කිරිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටියි. 1969 අගෝස්තු මස පේරාදෙණියේදී උපත ලද ඇය පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවාය. පාසල් සමයේ සිටම විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරතව සිටි ඇය රතු කුරුස සමාජයට එක්වී ඉතා කෙටි කාලයක් තුළ රතුකුරුස හෙදියක් ලෙස ද කටයුතු කිරිමට වරම් ලැබීය.

දශක දෙකකට වැඩි කාලයක් පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සිදුවන අසාධාරණකම් සඳහා නොබියව පෙනී සිටි ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබේ.

ඇය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඉටු කළ ඉමහත් සේවාව හේතුවෙන් සාම ශ්‍රී දේශාභිමාණී සේවා කීර්ති සම්මානයෙන්,මාස් ලංකා ගෞරව සම්මානයෙන් සහ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් පිරිනැමූ ගෞරව ආචාර්ය සම්මානයකින් ද පිදුම් ලැබීය. එසේම 2003 වසරේදී මුළු දිවයිනටම සාම විනිසුරු ධුරයෙන් පිදුම් ලැබූ දේවිකා කොඩිතුවක්කු මහත්මිය විසින් මේ වන විට මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඉටු කර ඇති කාර්ය අපමණය. ඇයගේ එම දැනුම, හැකියාව, අත්දැකීම්, පළපුරුද්ද සහ දක්ෂතාව උපයෝගී කර ගෙන මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්ති සම්පන්න කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්වීම ලබා දෙන ලදී.
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News