25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රීපාද වන්දනාවේ පැමිණි කතක් අතුරුදහන්

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කතක් අතුරුදහන්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අතුරුදහන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව පසුගිය 23 වැනිදා වන්දනා නඩයක් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ තිබෙනවා.

එම නඩය සමඟ අතුරුදහන් වී ඇති කාන්තාව ඉදිකටුපහන දක්වා ගමන් කර ඇති බවත් ඉන් අනතුරුව ඇය අතුරුදහන් වී ඇති බවත් වන්දනා නඩ්ය පවසනවා.

පවුලේ ඥාතීන් පවසන්නේ එදින ශ්‍රී පාද වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බවත් ඒ හේතුවෙන් ශ්‍රී පාද උඩමළුව කරුණා කිරීමට දැඩි තදබදයක් පැවති බවත්ය.

එම අවස්ථාවේදීයි මෙම කාන්තාව අතුරුදහන් වී ඇත්තේ.

එම කාන්තාව පිළිබඳව තොරතුරු වෙතොත් 076-5484222 / 076-8933096 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පවුලේ ඥාතින් ඉල්ලා සිටිනවා.