27.2 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමන්තුරේ මාර්ග දෙපස කඩ ඉවත් කිරීම ඇරඹේ

සමන්තුරේ මාර්ග දෙපස කඩ ඉවත් කිරීම ඇරඹේ

සමන්තුරේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිකයින්ට බාධා වන අයුරින් මාර්ගය දෙපස ඉදිකර ඇති කඩ ඉවත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා.

සමන්තුරේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි සමන්තුරේ නගරයේ සිට අම්පාර පාර, මල්කම්පිටි පාර, පොලිස් පාර, කල්මුණේ පාර යන ප්‍රදේශවල තාවකාලික කඩ මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම කඩ පෙළ හේතුවෙන් එදිනෙදා ගමන් ගන්නා ජනතාව හා පදිකයින් පමණක් නොව වාහන අනතුරු ද ඉහළ යමින් පවතිනවා.

මෙවැනි අනතුරුවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සමන්තුරේ ප්‍රාදේශීය සභා ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කල්මුණේ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය සභා නිලධාරීන්, වෙළෙඳ සංගම් ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම් එකතුව මෙම කඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා.