30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉතාලි සිහින පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙක් අල්ලයි

ඉතාලි සිහින පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙක් අල්ලයි

ඉතාලියේ විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගත් සැකකාරියක් සහ සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තානාපති කාර්යාලය විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා විසින් රුපියල් ලක්ෂ 26ක් වංචා කර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ 52 හැවිරිදි වියේ පසුවූවන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.