30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව පොලිස්පති හා ජනපති අතර හමුවක්

නව පොලිස්පති හා ජනපති අතර හමුවක්

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (29) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මෙලෙස ජනාධිපතිවරයා හමු විය.

නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඔහු සමඟ සුහද කථා බහකට ද එක්විය.

නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.