30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රංශයේ ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් කරයි

ප්‍රංශයේ ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් කරයි

ප්‍රංශයේ සෙනෙට් මණ්ඩලය විසින් ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් බවට තහවුරු කිරීමේ යෝජනාව අනුමත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය පහෙන් තුනක බහුතරයකින් සම්මත වී ඇති බැවින් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

සෙනෙට් සභාව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ලබන සතියේ පාර්ලිමේන්තු ඒකාබද්ධ සැසියේදී ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සැලසුම් කර තිබෙනවා.

ප්‍රංශ රජය, නීති සම්පාදකයින් සහ සෙනෙට් සභිකයින් පෙන්වා දී තිබුණේ ගබ්සා කිරීමේ අයිතිය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අනෙකුත් රටවල අභියෝගයකට ලක්ව ඇති බැවින් එයට පූර්ණ ව්‍යවස්ථාපිත ආරක්ෂාවක් අවශ්‍ය බවයි.

යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් ලැබී තිබූ ඇති අතර ඊට විරුද්ධව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 50ක් පමණයි. 1974 වසරේ සිට ගබ්සාව ප්‍රංශයේ නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණා.

ගබ්සා කිරීමට තීරණයක් ගන්නා කාන්තාවන්ගේ එම නිදහස ආපසු හැරවිය නොහැකි බවට පත් කිරීමට තමා පොරොන්දු වූ බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද සඳහන් කර තිබෙනවා.