27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථ 02කට මැදි වූ ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට

බස් රථ 02කට මැදි වූ ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකකට මැදි වීමෙන් ත්‍රිරෝද රථ රියදුරෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (29) උදෑසන දෙහිවල ගුවන් පාලම අසළදී ධාවනය වෙමින් පැවති බස් රථ දෙකකට මැදිව ගමන් කළ ත්‍රිරෝද රථයක් එම බස් රථ දෙකේ ඉදිරියේ හා පසුපස ගැටීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගල්කිස්ස සිට මට්ටක්කුලිය බලා ධාවනය වූ බස් රථයකට හා පානදුර සිට පිටකොටුව බලා ධාවනය වූ බස් රථ දෙකකට ත්‍රිරෝද රථ රියදුරු මැදි වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක් වන එක්දරු පියෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා සිය බිරිඳ රැකියාව සඳහා රැගෙන විත් දෙහිවල මංසන්ධියෙන් බස්වා ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය කරමින් සිටින අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබෙනවා.