මෙරට ප්‍රධාන පෙළේ පාred and black jordan 1 nike air max 90 nike air max 270 women’s sale nike air max 90 futura nike ispa 270 nike air jordan mid air jordan mid 40 nike ispa 270 jordan proto max 720 air jordan 11 cmft low wmns air max 270 air max goaterra 2.0 nike air jordan mid nike air jordan 14 air jordan retro 1 mid casual shoesතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් ‘මන්නා රමේෂ්’ ඩුබායි රාජ්‍යයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට දින තුනකට පෙර මන්නා රමේෂ් සිය බිරිය සමඟ සාජා පොලිසියට හසුවී ඇති අතර මෙරට ආරක්ෂක අංශ ඊයේ (28) දිනයේදී මේ බව තහවුරු කර තිබෙනවා.
මොහු තම බිරිඳ සමඟ මෝටර් රථයෙන් සාජා සිට ඩුබායි බලා ගමන් කරමින් සිටියදී සාජා පොලිසිය විසින් නවතා තිබෙනවා.
ඩුබායිවල ජීවත්වන ලංකාවේ පාතාල නායකයෙක් ලබා දුන් තොරතුරක් මතයි සාජා පොලිසිය මෙලෙස වාහනය නවතා ඇත්තේ.
වාහනය පරික්ෂා කිරීමේදි මන්නා රමේෂ් යනු ජාත්‍යාන්තර රතු වරෙන්තුවක් හිමි පුද්ගලයෙක් බව සාජා පොලීසියට හෙළි වී තිබෙනවා. ඒ අනුව ඔහු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට බුද්ධි අංශ පෙන්වා දෙන්නේ මෙලෙස මන්නා රමේෂ් පාවා දෙමින් බොරු ඔත්තු ලබා දී ඇත්තේ මෙරට පාතාල සාමාජිකයෙකු හා ඩුබායිහි දී මන්නා රමේෂ් සමඟ එකට සිටි පුද්ගලයෙක් බවයි.