― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවතුකරයේ හැඳුනුම්පත් ප්‍රශ්නයට ජීවන්ගෙන් විසඳුමක්

වතුකරයේ හැඳුනුම්පත් ප්‍රශ්නයට ජීවන්ගෙන් විසඳුමක්

වතුකරයේ ජීවත්වන ජනතාව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට යාමේදී මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පියවර ගනිමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් ඔහු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රදීප් සපුතන්ත්‍රි වෙත හදිසි ලිපියක් ද යවා තිබේ.

උඩරට වතුකරයේ වෙසෙන ජනතාවට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේදී වතු කළමනාකාරීත්වයේ ලිපිය ඉදිරිපත් කිරීමට සිදුවන තත්ත්වයක් ද පවතිනවා.

මෙම ලේඛනය වතු කළමනාකාරීත්වයෙන් ලබාගැනීමට පේරුතොට ප්‍රදේශයේ ජනතාව විවිධ ගැටලුවලට මුහුණ පා සිටින බවට තරුණයින් රැසක් අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

අනෙකුත් ප්‍රජාවන් මෙන් එම ක්‍රියා පටිපාටිය ග්‍රාම සේවකවරුන් හරහා සිදු කරන ලෙසත්, ලේඛන නොමැති වන පරිදි යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත් ඉල්ලා අමාත්‍යවරයා විසින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.