26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාලම්පුරියක් සමඟ දෙදෙනෙක් STF දැලේ

වාලම්පුරියක් සමඟ දෙදෙනෙක් STF දැලේ

අධික වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ වාලම්පුරියක් අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) චීනවරාය පොලිස් වසමේ ත්‍රිකුණාමලය නුවර මාර්ගයේ, කප්පල්තුරේ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී මුදලට අලෙවි කිරීම සඳහා ග්‍රෑම් 945 ක් බර වාලම්පුරියක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි පුලියන්කුලම් හා කන්තලේ පදිංචි වයස අවුරුදු 45, 49 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චීනවරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.