ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා මාර්තු 05 වැනිදා ලංසු විවෘත කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඒ අනුව මාර්තු 05 වැනිදා උදේ 10 සිට සවස 02 දක්වා ලංසු කැඳවන බවත් එහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ආයෝජකයන්ට ලංසු ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉදිරිපත් වූ ලංසු ඇගයීම සඳහා තාක්ෂණික කණ්ඩායමක් සහය හිමිවනු ඇති.
ඉන් අනතුරුව ඇගයීම් වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතය.