27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහෙට දකුණු පළාතේ ශෝක දිනයක්

හෙට දකුණු පළාතේ ශෝක දිනයක්

දක්ෂිණ දීපය තුළ රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කරමින්, අධ්‍යාපනය සඳහා ඉතා විශිෂ්ඨ දායකත්වය සැපයූ රොනී ද මෙල් අභාවප්‍රාප්ත වීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාරවර ඩබ්ලිව්. ඩබ්ලිව්. ගමගේ තීරණය කර තිබෙනවා.

රොනී ද මෙල් 1977 වසරේ දෙවිනුවර ආසන්නයෙන් පාර්ලිමේන්තුවට පත්ව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය ධුරය දරමින්, ශ්‍රී ලංකාවට නිදහස් වෙළෙද ආර්ථිකයක් හඳුන්වා දීමට සඳහා පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ දකුණු පළාතින් බිහි වූ කීර්තිමත් දේශපාලඥයෙකි.

ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ නියමය පරිදි දකුණු පළාත තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය හෙට (01) අඩකුඹු කර තබන ලෙස දන්වා සිටිනවා.