27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමති ජීවන් හා සන්තෝෂ් ජා අතර හමුවක්

ඇමති ජීවන් හා සන්තෝෂ් ජා අතර හමුවක්

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඊයේ (29) සවස පැවැත්වුණා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

ඉන්දීය රජයේ මූල්‍ය දායකත්වයෙන් වතුකරයේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

වතුකරයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාව ලබා දෙන දායකත්වය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා වතුකරයේ සිසුන්ට ඉන්දියාව ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන් පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා කඳුකර ජනතාවගේ කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.