28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරේ බස් වර්ජනය අවසන්

උතුරේ බස් වර්ජනය අවසන්

උතුරු පළාතේ දෙදිනක් පුරා පැවති පෞද්ගලික බස් වර්ජනය අවසන් කර තිබෙනවා.

උතුරු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ තම ඉල්ලීම් වෙනුවෙන් විසඳුම් ලබාදීමට අද (01) කමිටුවක් පත්කිරීමට නියමිත බවයි.

පෞද්ගලික බස්හිමියන් විසින් ඊයේ (29) උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වී සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරිය විසින් මෙලෙස කමිටුවක් පත්කොට ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බව පවසා තිබෙනවා.

යාපනය නව බස් නැවතුම්පොළේ සිට දුර ගමන් බස් සේවාවන් සිදු කිරීමේදී පෞද්ගලික බස් රථ පමණක් නියමිත කාලසටහනකට අනුව ධාවනයේ යෙදෙන බවටත් ලංගම බස් රථ කාලසටහනකින් තොරව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට ධාවනයේ යෙදීම මගින් පෞද්ගලික බස් රථවලට දැඩි අසාධාරණයක් සිදුවීම හේතු කොටගෙන ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.