28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතීන්ත කර්මාන්තශාලාවක ගින්නක්

තීන්ත කර්මාන්තශාලාවක ගින්නක්

පානදුර, සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක ඊයේ (29) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් එම තීන්ත කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කර්මාන්තශාලාවේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මොරටුව මහ නගර සභාවේ ගිනිවීම් රථ තුනක් පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් හා ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් දරා ඇති අතර පානදුර උතුර පොලිසිය ද ගින්න පාලනය කිරීම සඳහා සහයෝගය ලබා දී තිබෙනවා.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ. ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න කෙසේ ඇති වූයේද යන්න පිළිබඳව පානදුර උතුර පොලිසිය විමර්ශන සිදුකරනි ලබනවා.