23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදික්වැල්ල විස්සයි විස්ස සංචිතයට කැඳවයි

දික්වැල්ල විස්සයි විස්ස සංචිතයට කැඳවයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට වසර දෙක හමාරකට පමණ පසු නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙනුයි ඔහු කැඳවා ඇත්තේ.

මෙම තරගාවලියට සඳහා නම්කර සිටි කුසල් ජනිත් පෙරේරාට ඇතිව තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමිව යන අතර ඔහු වෙනුවට දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල බංග්ලාදේශයට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිත සමඟ එක්වීමට නියමිතයි.

දික්වැල්ල ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස තරගයක් සඳහා ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ ජුනි මාසයේදීයි.