32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිලන්තට එරෙහිව නීතිමය පියවර ගන්නැයි පෙත්සමක්

නිලන්තට එරෙහිව නීතිමය පියවර ගන්නැයි පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සමාජ හා සාමයික කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.