29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාසල් වෑන් රථයට යට වී දරුවෙක් ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයට යට වී දරුවෙක් ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයකට යට වීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පෙරියනිලාවනි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස වෑන් රථයට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කල්මුනේ රෝහලට ඇතුළත් කිරීමේදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඊයේ (29) පෙරවරුවේ පෙරියනිලාවනි පොලිස් වසමේ විෂ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් බවයි.

අදාළ දරුවාගේ වැඩිමල් සහෝදරියගේ පාසල් වෑන් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දරුවාගේ සහෝදරිය පාසල් වෑන් රථයට නංවාගැනීමෙන් පසු රථයේ රියදුරා විසින් එය ඉදිරියට ධාවනය කිරීමේ දී දරුවා එයට යට වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.