26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාළු නිවසක් අසළ කාන්තා මළ සිරුරක්

පාළු නිවසක් අසළ කාන්තා මළ සිරුරක්

කටුනායක පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේදී මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (29) වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් ඉදිරිපිට මිය ගොස් සිටියදී මෙම කාන්තාවගේ මළ සිරුර සොයාගත් බවයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාව 46 හැවිරිදි කටියල, දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

මෙම කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයාගේ මව, පියා හා දියණිය සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය 25 වැනිදා වල්පොල ප්‍රදේශයේ පදිංචි ඇයගේ පුංචිගේ නිවසට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.