― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentමැරතන් තරගකරුවන් දිරිගැන්වූ සිසුවා බසයට යට වී මරුට

මැරතන් තරගකරුවන් දිරිගැන්වූ සිසුවා බසයට යට වී මරුට

යාපනය, චාවකච්චේරි, මීසාලෙයි ප්‍රදේශයේදී අද (01) උදෑසන ලංගම බස් රථයකට යටවීමෙන් උසස්පෙළ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චාවකච්චේරි පොලීසිය පැවසුවේ සිසුවා ගමන් ගත් පාපැදිය බසයට යටවීමෙන් 18 හැවිරිදී සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

චාවකච්චේරි හින්දු විද්‍යාලයේ වාර්ෂික මැරතන් තරඟයට ක්‍රීඩා කරන තරඟකරුවන් දිරිගැන්වීම සඳහා මෙම සිසුවා සිය පාපැදියෙන් මාර්ගයේ ගමන්කරමින් සිටියදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අසළ තල් ගසක වැදීමෙන් බස් රථය නැවතී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ යාපනය මීසාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි උසස් පෙළ හදාරන සිසුවෙකු වූ එස්.ප්‍රනීදරන් නම් සිසුවෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.