32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජයේ සේවකයින්ගේ වැඩි කළ වැටුප අප්‍රේල් සිට

රජයේ සේවකයින්ගේ වැඩි කළ වැටුප අප්‍රේල් සිට

රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ වැටුප් ලබන අප්‍රේල් මස සිට ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (29) මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ට වැඩි කරනු ලැබූ රුපියල් 10,000 ලබන මස සිට ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

තමා 2015 වසරේ අගමැතිවරයා ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කළ බවත් නැවත වැටුප් වැඩි කිරීමක් වසර දහයකින් කිරීමට නියමිතව තිබුණ ද ආර්ථික පීඩාකාරී තත්ත්වය නිසාම 2024 දී එය සිදු කිරීමට තීරණය කළ බවත් ජනාධිප්වතිවරයා එහිදී අවධාරණය කළා.