― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලෝක සාමය රකින්න සෘජු තීරණ ගන්නවා - ජනපති

ලෝක සාමය රකින්න සෘජු තීරණ ගන්නවා – ජනපති

ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

රතු මුහුද ආශ්‍රිතව මේ වන විට සිදුවන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ලෝක සාමය සහ කලාපයේ සාමය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිටම කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව සෘජු තීරණ ගන්නා බවයි සඳහන් කළේ.

ඔබ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා. එය කිසිවිටෙක අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකා ජනරයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව තහවුරු වන්නේ ඔබ එම යුතුකම ඉටු කළහොත් පමණයි. ඒ නිසා එය ප්‍රධාන කාර්යයක් ලෙස සැළකිය යුතුයි. ඒ වගේම ඔබ සමග වැඩ කරන ඔබ නායකත්වය ලබා දෙන අනෙක් සියලුදෙනාට ද ඔබ ගරු කළයුතුයි. ඒ වගේම ඔවුන්ට මඟ පෙන්විය යුතුයි. සෑම විටම ඉදිරියෙන් සිටින්න. තමන් යටතේ සිටින අය තමන්ට කිකරු වනු ඇතැයි අපේක්ෂා කරනවා නම් තමන් තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ටත් කීකරු විය යුතුයි. නියම විනයක් ඇති වන්නේ එවිටයි.

ඒවගේම නිලධාරියකු ලෙස ඔබේ සෑම වගකීමක්ම ඉටු කළ යුතුයි. නායකත්වය ලබාදීමට පසුබට වෙන්න එපා. ගැටලුවක් මතු වූ විට ඉන් ඉවත් වෙන්න එපා. ජනරජය වෙනුවෙන් තමන්ට වගකීමක් තිබෙනවා නම් එම වගකීම සෑමවිටම නොබියව ඉෂ්ට කිරීම ඔබේ යුතුකමයි. රට අභ්‍යන්තර සහ විදේශ සතුරු බලවේගවලින් ආරක්ෂා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. අද අභ්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය කඩා වැටුණු තත්ත්වයකින් ඉදිරියට එමින් තිබෙනවා.

අපට නැවත එම යුගයට යා නොහැකියි. ඒ නිසා මෙතැන් සිට අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා රටේ විශාල නවීකරණයක් සිදු කළ යුතුයි. සීග්‍රයෙන් දියණුවන ආර්ථික පරිවර්තනයකට යා යුතුයි. නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. මේ වගකීම ඉටු කිරීමේ දී එහි වාසිය ලැබෙන්නේ ඔබටත්, ඔබේ දූ දරුවන්ටත් බව ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා සෑම අවස්ථාවකම රටේ නීතිය ආරක්ෂා කරමින් ව්‍යවස්ථාව අනුව රටේ ස්ථාවරභාවය ආරක්ෂ කිරීමට ඔබ කැපවිය යුතුයි. ඒ අනුව තමයි රට දියුණු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපේ රට සතුරු උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම පමණක් නොවෙයි අද පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අනුව කලාපයේ ආරක්ෂාව ද තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.

කලාපයේ සාමයට සහ ස්ථාවරත්වයට හානියක් වෙනවා නම්, එය අපේ රටට සිදුවන අනතුරක් බව කිවයුතුයි. අපිට රටක් ලෙස තනිව ජීවත් වෙන්න බැහැ. සෑම රටක් සමඟම අත්වැල් බැදගෙන ඉදිරියට යා යුතුයි. යුද්ධයක් කර පළපුරුද්දක් ලැබූ ලංකාව වැනි රටක් එහිදී පැත්තකට වී සිටියොත් එය අපේ යුතුකම් පැහැර හැරීමක් වෙනවා. කලාපයේ ස්ථාවරභාවයත්, ආරක්ෂාවත් වැදගත් වෙනවා. ඒ වගේම ලෝක සාමයත් අපට වැදගත් වෙනවා. ඒ නිසා එම කටයුතුවලට අපේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වය අවශ්‍ය වෙනවා නම් රටක් ලෙස අප ඊට මැදිහත්විය යුතුයි.

අපේ ආරක්ෂක හමුදාව එදා මාලි රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමට දායක වුණා. ඒ වැඩකටයුත්ත අනෙක් අය අගය කළා. අද රතු මුහුදේ සිදුවන සිදුවීම්වලින් අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් එය ආරක්ෂා කර ගැනීමටත් අප කැපවී සිටිනවා. ඒ නිසා කලාපයේ සාමයට සහ ලෝක සාමයට ප්‍රශ්නයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවන්වල එක්සත් ජාතින්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබාදීමට අප කටයුතු කරනවා. ඒ නිසා ලෝක සාමය සහ ස්ථාවරභාවයත් අපේ රටේ සාමයත්, ස්ථාවරභාවයත් ආරක්ෂා කරගත යුතුයි.

ත්‍රිවිධ හමුදාව ඊළග දශකය තුළ විශාල පරිවර්තනයකට ලක් වෙනවා. අද ලෝකය සිටින්නේ තාක්ෂණ යුගයකයි.අද හමුදා ක්‍රියාත්මක වන්නේ තාක්ෂණය පදනම් කරගෙනයි. අපිත් එම තත්ත්වයට ක්‍රමානුකූලව පැමිණිය යුතුයි. ඔබට එම වගකීම තිබෙනවා. මෙම සියලු කටයුතු සමඟ ඔබ ශක්තිමත් හමුදාවක් ලෙස ඉදිරියට යා යුතු බව මම ප්‍රකාශ කරනවා.”