23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය දැනටමත් ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන නිසි පරිදි සම්පූර්ණ කර 2024.03.07 දිනට ප්‍රථම විදුහල්පති වෙත නැවත භාර දීමට කටයුතු කරන ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.