― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඑන්නත් වංචාව ගැන සමන්ගේ රහස් වාර්තාව අද

එන්නත් වංචාව ගැන සමන්ගේ රහස් වාර්තාව අද

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අද (04) අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පසුගිය 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන්පසු ඔහු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ අනුව සමන් රත්නායක අද පෙරවරුවේ කොළඹ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම රහස් ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සමන් රත්නායක රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඔහුව අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්කර රඳවා තබන ලෙසයි මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ.