23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපැතුම් පෙබරවාරියේ හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට

පැතුම් පෙබරවාරියේ හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සුපුරුදු පරිදි ක්‍රීඩකයින් තිදෙනෙක් මේ සඳහා නිර්දේශ කර තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ පසුගිය පෙබරවාරි මාසයේදී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම නම් තුන ප්‍රකාශයට පත්කළ බවයි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, ඉන්දීය ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් සහ නවසීලන්ත මුල්පෙළ පිතිකරුවෙක් වන කේන් විලියම්සන් මෙලෙස නම්කර ඇති ක්‍රීඩකයින් තිදෙනායි.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති එක්දින තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම් කරගෙන පැතුම්ගේ නම මෙම නිර්දේශිත නාමයන් අතරට එක්කර තිබෙනවා.

එමෙන්ම එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දැක්වූ සුවිශේෂී දක්ෂතා මත ඉන්දීය ක්‍රීඩක යෂස්වි ජයිස්වාල් පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිර්දේශ කර ඇති ක්‍රීඩකයින් තිදෙනා අතර අයත්.

මීට අමතරව දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තුළ නවසීලන්ත අංක 03 පිතිකරු කේන් විලියම්සන් දැක්වූ දක්ෂතා මත ඔහු මෙම නිර්දේශිත නම් තුනට ඇතුළත්කර තිබෙනවා.