― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමෙරට තරබාරු පුද්ගලයින්ගේ වැඩිවීමක්

මෙරට තරබාරු පුද්ගලයින්ගේ වැඩිවීමක්

ලෝක ස්ථුලතා දිනය අදට (04) යෙදී තිබෙනවා.

තරබාරුව බෝ නොවන රෝග ඇති වීමේ අවධානම වැඩිකරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෑතකකදී සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් බිලියන 1.9කට වඩා වැඩි ප්‍රමාණයක් අධිබර සහිත පුද්ගලයින් වන අතර ඉන් මිලියන 650ක් ස්ථුලතාවයෙන් පෙළෙන බවයි.

මෙම තත්තය මෙරට තුළද අහිතකර ලෙස දක්නට ලැබෙන බවයි ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසන්න්නේ.

ඒ අනුව 2015 දී 34% ක්ව පැවති මෙරට තරබාරු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2021 දී 46.7%ක් දක්වා වැඩි වී තිබෙනවා.

ව්‍යායාම නොමැතිකම, පවතින කාර්යබහුලත්වය නිසා ක්ෂණික ආහාර වැඩිපුර ගැනීම, වැඩි වේලාවක් ඉඳගෙන සිටීම ආදිය මෙලෙස තරබාරු වීමට හේතු විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.