― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිභාග සමත් කරවන්න පමණක් දරුවෝ පාසල් යවන්න එපා

විභාග සමත් කරවන්න පමණක් දරුවෝ පාසල් යවන්න එපා

දරුවන් දැනුමෙන්, ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථය බවත් තරගකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) මහරගම ධර්මාශෝක විද්‍යාලයේ පැවති ජාතික වැඩසටහනකට එක්වෙමිනි.

දිවයිනේ සියලු පාසල්වල පළමු වන සහ දෙවන ශේණියේ සිසු දරුවන් තුළ ඉංග‍්‍රීසි කථන සහ සවන් දීමේ කුසලතා ඇති කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාකාරකම් පාදක වාචික ඉංග‍්‍රීසි වැඩසටහන හඳුන්වා දී ඇති අතර මේ වසරේ පළමු ශ්‍රේණියට පිවිසෙන දරුවන්ට එම වැඩසටහන හඳුන්වාදීම සඳහා මෙම වැඩසටහන පැවැත්වුණා.

විධිමත් භාෂාවක් ලෙස පාසල්වල තුන්වන ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි උගන්වනු ලැබුවද දරුවන්ගේ ඉංග‍්‍රීසි කථන කුසලතා ප‍්‍රාථමික අධ්‍යාපනයේ පළමු ප‍්‍රධාන අවධියේ සිට ලබාදීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති බවත් ඉදිරි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ පාසල් විෂය මාලාවෙහි සිදුවන යාවත්කාලීන වීම් සහ වැඩිදියුණු වීම් සමග දරුවන් එක් කිරීමට මෙම වැඩපිළිවෙල ඉතා වැදගත් වනු ඇති බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

1 සහ 2 ශ්‍රේණිවල ප‍්‍රාථමික ගුරුවරුන් ක‍්‍රියාකාරකම් පාදක වාචික ඉංග‍්‍රීසි ඉගැන්වීම වෙනුවෙන් සූදානම් කරවීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුහුණු වැඩසටහන් ක‍්‍රියාවට නංවා ඇති බවත් මේ යටතේ ගුරුවරුන් 13800 ක් දැනටමත් පුහුණු කර අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

පාසල් වාර විභාගවල ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ප‍්‍රශ්න පත‍්‍ර පිට කළ අයගේ සදාචාරාත්මක මට්ටම පවා අවබෝධ කරගත යුතු බව පෙන්වා දුන් අතර, ඉදිරි සතිය තුළ පළාත් බලධාරීන් සමග සාකච්ඡුා කොට මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවර ක‍්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමටත් විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැන බැලීම නතර කිරීමටත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් තමා අපේක්‍ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.