27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය ලේකම් අධිකරණයට රැගෙන එයි

සෞඛ්‍ය ලේකම් අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මීට සුළු මොහොතකට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 01 වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී අත් අඩංගුවට ගනු ලැබීය.

ඉන්පසු පසුගිය 02 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක පැවසුවේ තමන්ට අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට ඇති බවයි.

ඒ අනුව අධිකරණය නියෝග කළේ අදාළ ප්‍රකාශය සිදුකිරීම සඳහා සැකකරුව අද (04) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි.