― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදැරියට හදි කළ කපුවාට 20 වසරක සිර දඬුවමක්

දැරියට හදි කළ කපුවාට 20 වසරක සිර දඬුවමක්

බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කපු මහතෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

විත්තිකාර කපු මහතා තම නිවසේ අදාළ දේවාලය පවත්වාගෙන ගොස් ඇති අතර අතවරයට පත් දැරිය මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු හෙයින් ඊට ප්‍රතිකර්මයක් ලබා ගැනීමේ අරමුණින් ඇයගේ භාරකරුවන් සමඟ අදාල දේවාලයට පැමිණ තිබුණා.

පසුව අදාළ දැරිය දීර්ඝ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබුණද රෝගී තත්ත්වය සුව නොවීම හේතුවෙන් දේවාලය ආශ්‍රිත නිවසක නවාතැන් ගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගත යුතු බව විත්තිකාර කපු මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව දේවාලය ආසන්නයේ නිවසක නවාතැන් ගනිමින් අදාළ දැරිය
පුද පූජා කටයුතුවල සහභාගි වී ඇති බවත් ඒ අතරතුර විත්තිකරු විසින්
ඇය දූෂණය කර ඇති බවත් නඩුව විභාගයේදී අනාවරණය වුණා.

දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරයා විත්තිකරුන්ට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා පැවසුවා.