31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හදි කළ අයෙක් අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හදි කළ අයෙක් අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් පොල්පිතිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට ලක්වූ විදෙස් ජාතිකයා මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් පොල්පිතිගම පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය 46 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ පසුගිය පෙබරවාරි 28 වැනිදා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම විදෙස් ජාතිකයා හා අත්අඩංගුවට ගත් සැකකරු හිතවතුන් වන අතර
බ්‍රිතාන්‍ය ජාතිකයා පොල්පිතිගම, හාතිගමුව ප්‍රදේශයේ ඇති සැකකරුගේ නිවසට පැමිණ ඇති බවයි.

එම නිවස තුළදීයි මෙම විදෙස් ජාතිකයා අතවරයට ලක් වී ඇත්තේ.

සැකකරු අද (05) මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.