28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ගැන මම දන්නෑ

මහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ගැන මම දන්නෑ

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ගැන තමා නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු ප්‍රධානීන් ඊයේ (04) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා
සිටියේ මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් තමාව දැනුවත් කර නොමැති බවත් එලෙස තමාව පවා දැනුවත් නොකර සිදු කරගත් මෙම වැටුප් වැඩිකර ගැනීම බරපතල කාරණයක් බවත්ය.

කෙසේනමුත් මහ බැංකු නිලධාරීන් අද (05) පෙරවරුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබුණා.