අනුරාධපුර – පාදෙණිය ප්රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ තලාව පොලිස් වසමේ මීරිගම ප්රදේශයේදී ඊයේ (04) රාත්රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම රිය අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව, ගිරිබාව ප්රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.
අප වාර්තාකරු පැවසුවේ තලාව ප්රදේශයේ සිට අනුරාධපුර දෙසට ගමන් කළ යතුරුපැදියක් සහ අනුරාධපුර සිට ගල්ගමුව දෙසට ගමන් කළ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරට පත් යතුරු පැදි දෙකටද දැඩි අලාභ හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.