26.7 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්මලානේ 'සිඟිති' අයිස් සමඟ මාට්ටු

රත්මලානේ ‘සිඟිති’ අයිස් සමඟ මාට්ටු

රත්මලානේ ‘සිඟිති’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක්
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන 40 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 7ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන තිබෙනවා.

ඇය විදෙස් රටක සැඟව සිටින කුඩු අංජුගේ ඥාතියෙක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.