27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිද්‍යුත් වාහන ආනයනයට දී තිබූ කාලය දික් වෙයි

විද්‍යුත් වාහන ආනයනයට දී තිබූ කාලය දික් වෙයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබා දී තිබූ කාලසීමාව 2024 වසරේ ජුනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

පසුගිය ජනවාරි මස 08 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි මේ බව තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ආදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වුණා.