26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිස්සයි විස්ස පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි විස්ස පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් වුණා.

සත්කාරක බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකා මෙම තරගය ජය ගත්තේ ලකුණු 03කින්. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

ලකුණු 207ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 203ක් පමණයි.

බංග්ලාදේශය ඉනිමේ අවසන් පන්දුවාර ක්‍රියාත්මක කළ දසුන් ශානක එම පන්දුවාරය තුළ කඩුලු දෙකක් බිද දමමින් ලකුණු 08කට සීමා කළා.