29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිරියේදී විදුලි බස් රථ 200ක් ධාවනයට

ඉදිරියේදී විදුලි බස් රථ 200ක් ධාවනයට

විදුලි බස් රථ 200ක් ධාවනයට යොදවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එහි පළමු අදියර ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර විදුලි බස් රථ 50ක් ධාවනයට යොදවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඉදිරියේදී පෞද්ගලික සමාගම් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගෙන්වන සියලුම බස් රථවල CCTV කැමරා සවි කිරීම අනිවාර්ය කරන බව ත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව 2017 වසරේ හඳුන්වාදීමට නියමිතව තිබූ E-Ticket ක්‍රමය ඉදිරි මාස 6 තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.