29.5 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකහදමෝදර වෙඩි තැබීමක්

කහදමෝදර වෙඩි තැබීමක්

රන්න, කහදමෝදර ප්‍රදේශයේදී අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

පොලීසිය පැවසුවේ බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු කහදමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති අතර පොලීසිය පැවසුවේ ටී කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.