26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්නපුර අධිකරණ සංකීර්ණය අසළදී ඇසිඩ් ප්‍රහාරයක්

රත්නපුර අධිකරණ සංකීර්ණය අසළදී ඇසිඩ් ප්‍රහාරයක්

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසළදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (06) රත්නපුර මහාධිකරණය අසළදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ අඹුසැමි යුවළක් හා මාර්ගයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ එක් අයෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බවයි පොලිසිය පවසන්නේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව කියන රත්නපුර, මිල්ලකඩේ, දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.