23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsව්‍යාජ අංක තහඩු යොදා හෙරොයින් බෙදූ යුවළක් මාට්ටු

ව්‍යාජ අංක තහඩු යොදා හෙරොයින් බෙදූ යුවළක් මාට්ටු

ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව එඬේරමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී යි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඊයේ (05) වත්තල, එඬේරමුල්ල, අක්බාර් ටවුන් ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියකින් හෙරෝයින් ග්‍රැම් 25 ක් ප්‍රවාහනය කරමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වන පුද්ගලයකු සහ අවුරුදු 43ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන 02ක්, විදේශ ගමන් බලපත්‍ර 02ක්, ඩිජිටල් විද්‍යුත් තරාදියක් සහ යතුරුපැදියේ ව්‍යාජ අංක තහඩුවක් අත්අඩංගුවට ගෙන ඇති අතර යුවළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.