32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News15 දැරියට හදි කළ 32 තරුණයා අත්අඩංගුවට

15 දැරියට හදි කළ 32 තරුණයා අත්අඩංගුවට

15 හැවිරිදි පාසැල් දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන තරුණයෙක් අද (06) මහියංගණයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්දකැටිය පොලිසිය පැවසුවේ මෙම තරුණයා මීගහකිවුල, කලුගහකදුර ප්‍රදේශයේ 15 හැවිරිදි පාසැල් දැරියක් රවටාගෙන ගොස් සිය ඥාති නිවසක රඳවාගෙන අපහරණය කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගනය පූජා නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක තරුණයෙකි.

දැරියගේ දෙමාපියන් විසින් කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අපයෝජනයට ලක් වූ දැරිය අද (06) බදුල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරු බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.