27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමති කංචනගෙන් සුභ ආරංචියක්

ඇමති කංචනගෙන් සුභ ආරංචියක්

විදුලිය විසන්ධි කර යළි සම්බන්ධතාව ලබාදීමේදී අය කරන ගාස්තුව රුපියල් 800 දක්වා පහළ දැමීමට කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බවයි.

එමෙන්ම ඉතාමත් සුළු විදුලි බිල් තියෙන නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව එය ගෙවා දැමීම සඳහා ඔවුන්ට යම් කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.