32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋණුසුම් කාලගුණය ගැන රතු එළියක්

උණුසුම් කාලගුණය ගැන රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ හා දකුණු පළාත, රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්කවලට අද දිනයේදී වඩාත් උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

ඉහත කී ප්‍රදේශවල උණුසුම් කාලගුණය මිනිස් සිරුරට දැනෙන, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා.

මේ හේතුවෙන් කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අධික උණුසුම නිසා ඇති විය හැකි විජලන තත්ත්වයෙන් මිදීම සඳහා වැඩිපුර ජලය පානය කරන ලෙසත්, ගත වෙහෙසා වැඩ කටයුතුවල නියැලෙන පුද්ගලයින් හැකි තාක් සවස් කාලයේ එම කටයුතු කරගන්නා ලෙසත්, දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල නොයොදවන ලෙසත් වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.