27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදීර්ඝ සති අන්තයේ විශේෂ දුම්රිය ගමන් වාර

දීර්ඝ සති අන්තයේ විශේෂ දුම්රිය ගමන් වාර

අදින් ඇරඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනයට කටයුතු යොදා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ලබන 8 වැනිදා සිට 10 වැනිදා දක්වා, අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.00ට කන්කසන්තුරය දක්වා ද, කන්කසන්තුරය සිට පස්වරු 4.30 ට අනුරාධපුර දක්වා ද ක්‍රියාත්මකයි.

උඩරට දුම්රිය මාර්ගය තුළ ධාවනය වන විශේෂ දුම්රිය ගමන් වාර පහතින්,

මාර්තු 8 – පෙ.ව. 7.30 කොළඹ කොටුව – බදුල්ල
මාර්තු 10 – පෙ.ව. 7.45 බදුල්ල – කොළඹ කොටුව
මාර්තු 7, 8 සහ 10 – පස්වරු 7.30 කොළඹ කොටුව – බදුල්ල
මාර්තු 7, 8 සහ 10 – පස්වරු 5.20 බදුල්ල – කොළඹ කොටුව