28.9 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෑලියගොඩ කුණු ඇලේ නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩ කුණු ඇලේ නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩ – මීගමුව මාර්ගයේ ඇති කුණු ඇලේ තිබී ඊයේ (06) නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ – මීගමුව මාර්ගයේ මත්ස්‍ය වෙළෙඳසැලට හැරෙන සංඥා පුවරුව අසළ ඇති කුණු ඇලේ තිබී මෙම නාඳුනන පිරිමි මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන, උස අඩි 05 අඟල් 07ක් පමණ වන, තලෙළු යටි රැවුල හා උඩු රැවුල සම්පූර්ණයෙන් වවා ඇති සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයෙකි.

මියයන අවස්ථාවේදී ඔහු උඩුකයට කමිසයක් හා නිල්පාට හා රතුපාට ඉරි සහිත බොටම් කලිසමක් හැඳ සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත ශරීරය පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.