― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 08ක ජයක්

බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 08ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08කින් මෙම තරගය ජයගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 37ක් රැස් කිරීමට සමත් වුණා.

නායක චරිත් අසලංක ලකුණු 28 රැස් කළා. මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ හයවන කඩුල්ලට අර්ධ ශතක සම්බන්ධතාවක් ගොඩගගන්නට ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානකට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේදී මෙහෙදි හසන්, සෞම්‍ය සකාර්, ටස්කින් අහමඩ් සහ මුස්ටර්ෆිසූර් රෙහෙමාන් එක් කඩුල්ල බැගින් බිද දැමුවා. අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශය ආරම්භ පිතිකරුවන් යුගළයට සාර්ථක ආරම්භයක් ලබාදීමට කටයුතු කළා.

ඒ අනුව ලිටන් ඩාස් ලකුණු 36ක් සහ සෞම්‍ය සකාර් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා. ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු පිටියේ එක් වූ තව්හිඩ් රිඩෝයි සහ නායක නජුමුල් සන්ටෝ බංග්ලාදේශ ජයග්‍රහණයට මාවත සකසා ගත්තා.

එහිදී රිඩෝයි ලකුණු 32ක් රැස්කළ අතර සන්ටෝ ලකුණු 53ක් රැස්කරමින් බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා වුණා. ඒ අනුව බංග්ලාදේශය පන්දුවාර 18යි පන්දු 01ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 166ක ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

බංග්ලාදේශ ඉනිමේ වාර්තා වූ කඩුලු දෙකේම හිමිකරුවා බවට පත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණයි. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය කණ්ඩායමේ දෙකම එක් තරග බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.