23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsභාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයක්

යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් සිවුදෙනෙක් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් යොමු කළ ආරක්ෂක සාමාජිකයින් තිදෙනෙක් නෞකාවේ සිට තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්, නේපාල ජාතිකයෙක්, වියට්නාම ජාතිකයින් 4ක්, පිලිපීන ජාතිකයින් 15ක් සහ ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම නෞකාවේ සිටි සෙසු සාමාජිකයින් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තාවී නැහැ.

අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ යාත්‍රාව තවමත් ගිනි ගනිමින් ඇති බවයි.